සමෘද්ධි වැඩසටහන
ශ්‍රි ලංකාවේ දුප්පතුන් බලගැන්වීමේ ක්‍රියාවලිය සඳහා සමෘද්ධි වැඩසටහන ඇතිකර තිබේ. විවිධ හේතූන් නිසා මේරටේ දිළිඳු ජනතාව රටේ ජාතික සංවර්ධන ක්‍රියාවලියට කිසියම් අනුග්‍රහ දැක්වීමක් නොමැතිව නිෂ්ක්‍රීය වූ ජන කොටසක් බවට පත්වෙමින් සිටී. එම කරුණු මත ඔවුන් අවසානයේ අනුන් මත යැපෙන තත්වයක් දක්නට ලැබේ.එහෙත් මේ සෑම පුද්ගලයකු තුළමසැඟවුණු විභවතා ශක්තියක් ඇත. මෙම විභවතාවන් යටපත් කරගෙන ඇති බාධක දුරලමින් ඔවුන් ඉදිරියට ගෙන ආ යතුය.ඒ සඳහා ඔවුන්ව ස්වභාවිකව ශක්තිමත් කිරීම සඳහා කරනු ලබන ක්‍රියාමාර්ගයන් ප්‍රජාව බල ගැන්වීමේ ක්‍රියාවලිය වේ.මෙම ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකාවේ දුප්පතුන් බල ගැන්වීමේ ක්‍රියාවලිය සඳහා 1995වර්ෂයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් 1995 අංක 30 දරණ ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය මගින් මෙම සමෘද්ධි වැඩසටහන ආරම්භ කරනලදි. සමෘද්ධි වැඩසටහන තුළ ඳිළිඳුකම පිටුදැකීමේදී දුප්පතුන් බලශක්තීකරණය කිරීම සඳහා විශේෂයෙන් ක්‍රියාත්මක වන්නේ සමෘද්ධි බැංකු සංගම් ව්‍යාපාරයයි. මෙම බැංකු සංගම් ව්‍යාපාරය එක්තරා පද්ධතියක ස්වරූපය ගනී. සමෘද්ධි බැංකු සංගම් ව්‍යාපාරය තුළ එවැනි උපපද්ධතීන් 4ක් දක්නට ලැබේ.5දෙනාගේ කණ්ඩායම එක් උප පද්ධතියකි. කුඩා ගම්මාන මට්ටමේ සමෘද්ධි සමිතිය තවත් උප පද්ධතියකි.කලාප මට්ටමේ බැංකු සංගමය තවත් උප පද්ධතියක් වන අතර සමෘද්ධි මහසංගමය මෙහි තවත් උප පද්ධතියකි. මෙහිදී කතාකරනු ලබන්නේ කුඩා කණ්ඩායම් හා සමෘද්ධි සමිතිය පිළිබඳවයි.
සමෘද්ධි වැඩසටහන්:
- සමෘද්ධි කාඩ්පත් නිකුත් කිරීම
- සමෘද්ධි මුද්දර ආශ්රිත සහ-පරිපාලන කටයුතු
- සමෘද්ධි රක්ෂණය ආශ්රිත සහ-පරිපාලන කටයුතු
- සමෘද්ධි ලොතරැයිය ආශ්රිත සහ-පරිපාලන කටයුතු
- සමෘද්ධි ව්‍යාපෘති ආශ්රිත සහ-පරිපාලන කටයුතු
පස් දෙනාගේ කණ්ඩායම හා සමෘද්ධි සමිතිය දුප්පත් ප්‍රජාව සමාජ සජීවකරණයට ලක්කිරීම සඳහා යොදාගන්නා ලද පහළ මට්ටමේ සංවිධානයන්ය. කණ්ඩායමක් උවමනාවට වඩා ලොකු වන විට එහි සාමාජිකයන්ගේ පෞද්ගලිකත්වය ඉස්මතු වේ. එමෙන්ම කණ්ඩායම තුළ අතුරැ කල්ලි ඇතිවීමට එය තුඩු දේ. කණ්ඩායම කුඩා වනවිට පෞද්ගලිකත්වයට වඩා කණ්ඩායම් හැඟීම වැඩිවන බව ඇතැම් පර්යේෂණවලින් හෙලි වී ඇත.විශේෂයෙන්ම බංග්ලාදේශයේ ග්‍රාමීන් බැකුව පිළිබඳ පර්යේෂණ වල මෙය පැහැදිළි කර ඇත. මෙම කරුණු සැලකිල්ලට යොමුකරමින් සමෘද්ධි ව්‍යාපාරය තුළ 5 දෙනාගේ කණ්ඩායම් ක්‍රමය ඇතිකරගෙන තිබේ.
කුඩා කණ්ඩායම් ඒකරාශී වන්නේ කෙසේද?
කුඩා කණ්ඩායම් තමතමන්ගේ කැමැත්ත මත ගොනුවීමට සැලැස්විය යුතුය. අසල්වාසී බව, සමාන නිෂ්පාදන කටයුතු වල නියැලීම, හිතවත්කම ආදී කරුණු කණ්ඩායම් ගොනුවීමේදී බලපානු ලැබේ. කණ්ඩායම සතිපතා රැස්වී සාකච්චා පැවැත්වීම තුළින් තම තමා මුහුණ දෙන ගැටලු විමර්ෂණය කිරීමටත්, ඒවාට විසඳුම් සොයා ගැනීමටත් ඉතා හොඳ පරිසරයක් නිර්මාණය වේ. මෙම සාකච්චාව හා සංවාදය ඉතාමත් අගනා නොවිධිමත් අධ්‍යාපන ක්‍රමයක් වේ.
කුඩා කණ්ඩායම් ක්‍රියාකාරකම් මොනවාද?
කණ්ඩායම් අරමුදලක් ගොඩනඟා ගැනීම, අතමාරු ණය ගැනීම, ශ්‍රම හුවමාරු වැඩ කිරීම, පාරිභෝගික භාණ්ඩ තොග වශයෙන් මිළදීගෙන බෙදා ගැනීම, ගෘහ නිෂ්පාදිත ද්‍රව්‍ය හුවමාරු කිරීම, සීට්ටු දැමීම,
බැංකු සංගම් ණය නිර්දේශ කිරීම පසුවිපරම් කටයුතු කිරීම ආදිය කුඩා කණ්ඩායම් ක්‍රියාකාරකම් අතර වැදගත් වේ.මෙම ක්‍රියාකාරකම් තුළින් කුටුම්භ සංරක්ෂණය ගැන අත්දැකීමෙන් ඉගෙනගැනීමක් සිදුවේ.
එමෙන්ම සාකච්චා සටහන් වාර්තා කර තැබීමටත්,ඒවා පසුවිපරම් කිරීමටත් ඉගෙන ගනී. මෙම ක්‍රියාවලිය තුළින් සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්නා සැලසුම් ක්‍රියාවලියකට ඳිළිඳු පවුල් ක්‍රම ක්‍රමයෙන් යොමු කිරීමක් සිදුවේ.
සමෘද්ධි සමිතිය ගොඩනගන්නේ කෙසේද?
සමෘද්ධි සමිතිය බිහිකරනු ලබන්නේ කුඩා ගම්මානය තුළය. කුඩා ගම්මානය යනු ග්‍රාම නිළධාරී වසම නොවේ. සමහරවිට ග්‍රාමනිළධාරී වසම තුළ කුඩා ගම්මාන කිහිපයක් තිබීමට පුළුවන. වසම පරිපාලන ඒකකයක් වුවත් ප්‍රජා සංවිධාන ගොඩනගන සංවර්ධන ඒකකයක් ලෙස එය සාර්ථකභාවයක් පෙන්නුම් කර නැත.කුඩා ගම්මානය යනු ඉපැරණි ගම් ගොඩැල්ලය.දුප්පත්කමට තුඩු දෙන සමාජ ආර්ථික බලවේග හා සම්බන්ධතා රාශියක් පවතින්නේ මෙම ගම්ගොඩැල්ල තුළය. එමෙන්ම ඳිළිඳු ප්‍රජාවට එකතු වී රැස්වීමට පහසු භූගෝලීය ඒකකයක් කුඩා ගම්මානය වේ.මෙම කුඩා ගම්මානයේ සහනාධාර ලබන හා අනෙකුත් සියළුම ඳිළිඳු ජනතාව සමෘද්ධි සමිතිය තුළ එක්තැන් කිරීමට උත්සාහ කෙරේ.සමෘද්ධි සමිතිය සති දෙකෙන් දෙකට රැස්වේ.
සමෘද්ධි සමිතියේ නිළධාරී මණ්ඩලය පත්කර ගන්නේ කෙසේද?
සමෘද්ධි සමිතිය වාර්ෂිකව නව මභාපති, ලේකම් ඇතුළු නිළධාරී මණ්ඩලය තෝරාගනුලැබේ.ගම්මානයේ සියළුම කුඩා කණ්ඩායම් සමිතිය තුළ සංවිධානය වේ. මේ නිසා සති දෙකෙන් දෙකට කණ්ඩායමේ
කටයුතු පිළිබඳ ප්‍රගතිය සාකච්චා කිරීමට ඉඩ සැලසේ. තවද බැංකු සංගමයට ඉදිරිපත් කරනු ලබන ණය ඉල්ලුම් පත්‍ර විවෘතව සාකච්චා කර අනුමත විය යුතුව ඇත.පවුල් සෞඛ්‍ය සේවිකාව, ගමේ ගුරුවරුන්, අනෙකුත් රජයේ නිළධාරීන් ආදී සහය සේවාවන් සපයන අංශ සමිතිය තුළප්රජාව දැනුවත් කිරීම සඳහා කැඳවා ගැනීමට පුළුවන. එමෙන්ම නායකත්ව හා ගීත කවි ගායනා කිරීමේ කුසලතා වරධනයටද සමිතිය යොදා ගනු ලැබේ. ගමේ පොදු අවශ්‍යතාවන් සාකච්චා කරීමටත්, පමාජ සංවර්ධන කටයුතු පිළිබඳවත්, පරිභෝජන භාණ්ඩ තොග වශයෙන් ගෙනැවිත් බෙදා ගැනෑමටත් මෙම සමිතිය යොදා ගන්නා අවස්ථා ඇත.
සමෘද්ධි සමිතිය අනෙකුත් ප්‍රජා සංවිධාන වලින් වෙනස් වන්නේ කෙසේද?
සමෘද්ධි සමිතිය වාර්ෂිකව නව මභාපති, ලේකම් ඇතුළු නිළධාරී මණ්ඩලය තෝරාගනුලැබේ.ගම්මානයේ සියළුම කුඩා කණ්ඩායම් සමිතිය තුළ සංවිධානය වේ. මේ නිසා සති දෙකෙන් දෙකට කණ්ඩායමේ කටයුතු පිළිබඳ ප්‍රගතිය සාකච්චා කිරීමට ඉඩ සැලසේ. තවද බැංකු සංගමයට ඉදිරිපත් කරනු ලබන ණය ඉල්ලුම් පත්‍ර විවෘතව සාකච්චා කර අනුමත විය යුතුව ඇත.පවුල් සෞඛ්‍ය සේවිකාව, ගමේ ගුරුවරුන්, අනෙකුත් රජයේ නිළධාරීන් ආදී සහය සේවාවන් සපයන අංශ සමිතිය තුළප්රජාව දැනුවත් කිරීම සඳහා කැඳවා ගැනීමට පුළුවන. එමෙන්ම නායකත්ව හා ගීත කවි ගායනා කිරීමේ කුසලතා වරධනයටද සමිතිය යොදා ගනු ලැබේ. ගමේ පොදු අවශ්‍යතාවන් සාකච්චා කරීමටත්, පමාජ සංවර්ධන කටයුතු පිළිබඳවත්, පරිභෝජන භාණ්ඩ තොග වශයෙන් ගෙනැවිත් බෙදා ගැනෑමටත් මෙම සමිතිය යොදා ගන්නා අවස්ථා ඇත.
සමෘද්ධි සමාජ සංවර්ධන වැඩසටහන -අපේක්ෂික කාර්යයන්
ආධ්‍යාත්මික හා සමාජ සංවර්ධන වැඩසටහන
1. අධ්‍යාත්මික සංවර්ධනය.
2. පවුල් ඒකකය තුල සතුට හා සෙනෙහස ප්‍රවර්ධනය කිරීම.
3. මත් හා දුම්වැටි නිවාරණ වැඩසටහන්. (මතට තිත)
4. ළමා ආරක්ෂාව පිළිබදව ක්‍රමවත් වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම.
5. සාමාජීය හා සංස්කෘතික අංගයන් වැඩිදියුණු කිරීම.
6. ජාත්‍යන්තර දිනයන්ට සමගාමීව පවත්වන වැඩසටහන්.
7. ජාත්‍යන්තර කාන්තා දිනය - මාර්තු 03
8. ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දිනය - මැයි 31
9. ජාත්‍යන්තර සාක්ෂරතා දිනය - සැප්තැම්බර් 08
10.ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනය - ඕක්තෝම්බර් 01
11.ජාත්‍යන්තර දිළිදුකම පිටු දැකීමේ දිනය - ඔක්තෝම්බර් 17
1996 සිට සමෘද්ධි වැඩසටහන යටතේ නිවාස ලබා දීමට කටයුතු කර ඇත. සමෘද්ධි ප්‍රතිලාභීන්ට හිසට සෙවනක් දීම දිරිය පියස නිවාස වැඩසටහනඅරමුණු කොට ගෙන දිරිය පියස නිවාස වැඩසටහන දිවයින පුරා ආරම්භ විය. මේ සදහා සමාජ සංවර්ධන පදනම හා නිවාස ලොතරැයි අරමුදල දායකත්වයක් සපයා ඇත. එමගින් අත් කරගත් ප්‍රගතිය නිසා භාණ්ඩාගාර ප්‍රතිපාදන මත නිවාස ලබා දීමේ වැඩසටහන 2006 වර්ෂයේදී ආරම්භ විය.
නිවාස ලබා දීමේ නිර්ණාකයන් :
1. නිවාස අහිමි ඉතාමත් අසරණ තත්වයට පත්ව ඇති සමෘද්ධි ප්‍රතිලාභීන් වීම.
2. විශේෂයෙන් පවුලේ ප්‍රධාන උපයන්නා මිය ගිය පවුල හැර ගිය හෝ අක්‍රීය තත්වයට පත්වූ පවුල්.
3. විශේෂයෙන්ම ගැහැණු දරුවන් ඇතුළු දරුවන්ගේ ආරක්ෂාවට තර්ජන කාරී අනාරක්ෂිත තත්වයක් ඇති වූ පවුල්.
4. සමෘද්ධිලාභී පවුල් නොවු ඉතා අඩු ආදායම් ලාභී පවුල්.
5. විශේෂයෙන්ම තම වයස් ගත දෙමව්පියන් රැකබලා ගන්නා පවුල්.
රණවිරු නිවාසවැ ඩසටහන
* විශේෂයෙන්ම 04 වන වන්නි මෙහෙයුමේදී මියගිය රණවිරුවන් වෙනුවෙන් නිවාස තනා දීම.
* ආබාධිත රණවිරුවන් සදහා
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට එක ගමක් බැගින් වසරකදී සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙලක් මේ යටතේ දියත් කෙරේ.කොට්ඨාශයේ දුප්පත් ගමක් තෝරාගෙන එම ගමට නිවාස, යටිතල පහසුකම් ජීවනෝපාය සංවර්ධනය ආදී ව්‍යාපෘති ප්රජාවගේඅවශ්යතාවයන්ට අනුව ලබා දීම හා අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් පැවැත්වීම තුලින් සාරධර්ම පිරි සමෘද්ධිමත් ගමක් කිරීම මෙහි අරමුණ වේ.
සෑම ගමකම සක්‍රීය ළමා සමාජයක් බිහි කල යුතු වේ. එම ළමා සමාජ දරුවන් සදහා මසකට දෙවතාවක් කැදවා ළමා සමාජ ක්‍රියාකාරීත්වය සහිත වැඩසටහනක් ක්‍රියාත්මක කල යුතු වේ.සෑම ගමකම ජීවත්වන සියළු දරුවන් පහත සදහන් වයස් කාණ්ඩ යටතේ ළමා සමාජ ගත කල යුතු වේ.එනම් වයස අවුරුදු 5-9 / 10-14 / 15-18 ආදී ලෙසමෙම දරුවන් සදහා සෑම වසරකම සංස්කෘතික හා සාහිත්‍ය හැකියාවන් ඔප් නැංවීමේ අරමුණින් සංස්කෘතික හා සාහිත්‍ය තරගාවලියේ ඉහත වයස් කාණ්ඩ ඔස්සේ පැවැත්වේ.එය කලාප ප්‍රාදේශීය දිස්ත්‍රික් හා ජාතික වශයෙන් පවත්වා ජාතික මට්ටමේ ජයග්‍රහනය කරන ලද ග්රාහකයන්ට
ත්‍යාග සහතිකපත් හා කුසලාන පිරිනැමීමක් ද සිදුකරනු ලැබේ.
සමෘද්ධි ආයතන නිල වේබ් අඩවියට යෑම සදහා මෙහි ක්ලික් කරන්න















